Posts

Showing posts from October, 2020
Image
  විරහව හා සියදිවිනසා ගැනීම් ආදරය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඊට ලැබෙන පිළිතුරු එකිනෙකාට වෙනස්ය.තවත් කෙනෙක්ට ආදරය ආත්මාර්ථකාමී හැඟීමක් වෙද්දී තවත් කෙනෙක්ට ඒ ආදරයම පරිත්‍යාගයක් වෙන්න පුළුවන්.විවිධාකාර වූ ආදරයන් අතර ලෝකය ලස්සන කරන සුන්දර ආදරයක් තමයි තාරුණ්‍යය ආදරය.තාරුණ්‍යය කියන්නේ සැබැවින්ම බොහොම දඟකාරි සුන්දර කාලයක්.මේ ආදරයම ඔවුන් වටා පාරාවළල්ලක් වෙමින් තරුණ ජීවිත සියදිවි හානිකර ගැනීමට පෙළඹීම ඛේදවාචකයකි. සමාජ සංස්කෘතියට සාපේක්ෂව ආදරය හැඩගැසීම සිදුවේ.ආසියාතික සමාජයට සාපේක්ෂ ව බටහිර සමාජය තුළ ආදරය වෙනස් හැඟීමකි.බටහිර සමාජයේ පෙම්වතුන්ට ආදරය සැහැල්ලු හැගීමක් වෙද්දී ආසියානු සමාජයේ පෙම්වතුන්ට ආදරය තමන්ගේ මුලු ජීවිතේම බවට පත්ව ඇත.අප සමාජයේ ආදරයේ පාරිශුද්ධතාවය පිළිබද දීර්ඝ ප්‍රේම කතා ලියවෙයි.ඒවා ඇතුළත සිටින පෙම්වතුන්ට අහිංසක ආදරණීය හැගීම් ආරෝපණය කර ඇත.තරුණ තරුණියන් අතරේ මේ ආදරය හුදෙක්ම හිමිකරගැනීමක්ය යන ප්‍රතිරූපය එතනින් නිර්මාණය කර ඇත.මෙය ආසියාතික සමාජයේ පෙම්වතුන්ගේ මූලිකම ලක්ෂණයකි.එමෙන්ම ලංකාවේ සමාජ සංස්කෘතිය තුළ තරුණිය තරුණයාගෙන් කැමැත්ත ඇසිමට මුලින්ම පෙළඹෙන්නේ නැත.ආදරයේදී ස්ත්‍රීය පෙර...
Image
මිනිසා මෙන් ම සැනසෙයි තුරුලතා ලයාන්විත සංගීතයෙන්............       නිවසක් අසල ඵල දරන කුමක් හෝ ගසක් වේනම් එහි ඵලදාව බොහෝ වර්ධනය වන අප අසා ඇති නමුත් එහි සත්‍ය අසත්‍යතාව අධ්‍යනය කිරීම පිළිබඳ වැඩි උනන්දුවක් නොදක්වන බව සැබෑය.එහි විද්‍යානුකූල සත්‍යය නම් ශාක කටහඬට අනුවර්තනය වීමත් ඒ අනුවර්තනය හේතු කොටගෙන ශාක තම ශක්ති ප්‍රභවයන් නැවත මුදාහැරීමත් නිසා එසේ සිදුවන බවය. ලොව ප්‍රකට බි්රතාන්‍ය ගෙවතු වගා සංගමය මේ පිළිබඳ ව කළ විවිධ පර්යේෂණයන් ඔස්සේ මෙය වඩාත් තහවුරු කර ඇත.අතීතයේ සිටම මිනිස් කටහඬට වඩාත් සංවේදී පැළෑටියක් ලෙස සැලකෙන තක්කාලි මෙම පර්යේෂණය සඳහා යොදාගෙන ඇති අතර මෙම පර්යේෂණය තුළින් එය වඩාත් සාර්ථකව ඔප්පු කළ හැකි බව පර්යේෂකයින්ගේ මතයයි.  මෙම පර්යේෂණය සඳහා යොදාගන්නා තක්කාලි පැළ පෝච්චිවල සිටුවා ඇති අතර මාසයක් පුරාවට මේ පැළවලට විවිධ  වූ නාද රටා සහ ශබ්ද ඇසීමට සලස්වනු ලැබේ .පෝච්චිවලට සවි කළ සවන් දීමේ උපකරණ හරහා පටිගත කළ විවිධ නාද රටා පැළ තුළට යොමු කිරීමෙනි.එය ඉතා සාර්ථක වු බව ඔවුන් පවසයි. මීට ඉහතදී සංගීතය යොදාගෙන සිදුකළ පර්යේෂණ හරහා හර්ට්ස් 125ත් 250ත් අතර ශබ්ද පැළෑටිවලට ජාන වර...
Image
 මාධ්‍ය සංස්කෘතියේ තිත්ත ඇත්ත      දේශීය මාධ්‍ය ක්ෂේත්‍රය ලිහාගත් මුරබල්ලෙකු වැනිය.මාධ්‍ය පරිශීලකයන් නමැති ඔඩොක්කු කුක්කන්ට පිස්සු හැදී ඇත.සී සීකඩ දුවති.සන්නිවේදන තාක්ෂණය හීයක් බඳු වේගයකින් ගමන් ගනී.එහෙත් දඬුබස්නාමානය නොපෙනේ.පිට රට යන තාක්ෂණ ශිල්පීහූ ලැබෙන අලුත්ම සන්නිවේදන මෙවලම් කරපින්නාගෙනවිත් ඒවායෙහි ඇති අරුමය රටට කියති.ආකර්ෂණීයය. අරුම පුදුම මෙවලම්ය.තාක්ෂණය අති විස්මිතය. අන්තර්ගතය දුප්පත්ය.    අන්තර්ජාල බූවල්ලා රුදුරු වී ඇත.ළමා තරුණ වැඩිහිටි සැම වෙලා සිටියි.යහපත් අයහපත් විපාක බොහෝය.සමාජ මාධ්‍ය ඉදිරියේ ප්‍රීති ප්‍රමෝදය භුක්ති විඳිමින් කාලය මරයි. ගෙදර රූපවාහිනිය ඩිජිටල්ය එබැවින් රූපවාහිනි මාධ්‍ය පිළිබඳව ගැටලුවක්  ඇතිවිය නොහැකිය.රූප පැහැපත්ය.දීප්තිමත්ය නිර්මාණශීලීය ආකර්ෂණීයය එබැවින් ඒවායෙහිද ප්‍රශ්නයක් නැත මාධ්‍ය කියන පෙන්වන ආකාරයට අපි ජීවත් වෙමු.එමෙන් ම කති, බොති, අදිති, හැසිරෙති .දරුවන් තරබාරු වී ඇත. ක්ෂණික කෑම රසවත්ය.දරුවෝ වෛද්‍යවරු ළඟ පෝලිමේ සිටිති.මධ්‍යම පාන්තික දරුවන් මන්දපෝෂණයෙන් පෙළේ.  විචාරයට වඩා ප්‍රචාරයට දොර ඇරේ.ජනප්‍රිය මාධ්‍ය නිෂ්පාදන...
Image
 ශ්‍රී ලංකාවේ පශ්චාත්නූතනවාදී තත්වයක් පවතීද?               ශ්‍රී ලංකාවේ පශ්චාත්නූතන තත්වයක් පවතිනවාද නැද්ද යන්න විවාදයට බඳුන් බව වූ කරුණකි.ඇතැම් විද්වතුන් පවසනු ලබන්නේ ශ්‍රී ලංකාව පශ්චාත්නූතන සමාජයක් බවට පත්ව ඇති බවයි.නමුත් මීට එරෙහි ව ශ්‍රී ලංකාවේ පශ්චාත්නූතන තත්වයක් නොමැති බවට තර්ක කරන විද්වත්හු පිරිසක් ද වෙයි.පශ්චාත්නූතනවාදය යන වචනයෙහි අර්ථය ගත් පමණින් අරුත තේරුම් ගැනීමට අපහසුය. Post            +modern  +ism පශ්චාත් +නූතන  + වාදය පශ්චාත්නූතනවාදය පිළිබඳ පළ වූ විවිධ මත ■ පශ්චාත් නූතන විශ්ව කෝෂය - නූතනවාදයට එරෙහි ව සාහිත්‍ය හා ගෘහ නිර්මාණ වැනි ක්ෂේත්‍රවල පැන නැගුණු කිසියම් ප්‍රවණතාවයකි. ■ හයිපර් විශ්ව කෝෂය - නූතනවාදයට එරෙහි ව පැන නැගුණු ක්‍රියාදාමයකි. ■ නලීන් ද සිල්වා - නූතනවාදයේ ම දීර්ඝයක් මිස අන් යමක් නොවේ . ■ මහාචාර්ය සුචරිත ගම්ලත් - අතිප්‍රතිගාමී විෂඝෝර අන්තර්ගතයක් සහිත චින්තන විලාසිතාවකි ■ විමල් දිසානායක - මෙය හුදු විලාසිතාවක් නොව නවීන තාක්ෂණය හා ජන සන්නිවේදන මාධ්‍ය ධනවාදයේ අභිනව ප්‍රවර්ධන යනා...
Image
 වියැකී යන සදාචාරය           සාමාන්‍ය සරල අදහස බලන විට ආචාර යනු හැසිරීමයි.ආචාර ධර්ම යන වචනයෙන් අදහස් කරන්නේ ඊට වඩා පුළුල් වූ අර්ථයකි.මේ අදහසට විරුද්ධ වචනාර්ථය වන්නේ අනාචාර ධර්මයි.මේ වචනය අයහපත් -අසාර්ථක-විෂමාචාර විළිබිය නැති හැසිරීම යන අර්ථ මතුකරයි.ආචාර යන වචනයේ අර්ථය තවදුරටත් වැඩි දියුණු වී සදාචාර යන්න සකස් වී ඇත.සිතීමට ඇති හැකියාව,මනසේ උසස් බවක් තිබීම මිනිසාට ඇති මූලික ලක්ෂණයකි.මේ මනස උසස් බවට පත් කරන්නේ මිනිසාට වෙනත් සතුන්ට වඩා උසස් ලෙස මනස මෙහෙයවීමට ඇති හැකියාව නිසාය.සමාජය තුළ ආචාර ධර්ම දරුවන්ට හුරු කරවීම වැඩිහිටියන්ට පැවරී ඇති මූලික වගකීමකි.මව්පියන් ආගමික ස්ථාන,පාසල පසු ව සමාජය තුළින් ද ආචාර ධර්ම හුරු කරවයි.යහපත් සාමකාමි සමාජයක් ගොඩ නැඟීමේ මූලික අඩිතාලම වන්නේ ඒ සමාජයෙහි දේශපාලනය හෝ ආර්ථිකය හෝ නොව පුද්ගලයින් තුළ පවතින සදාචාරාත්මක සිතිවිලි සමුදාය වේ. "සමාජ සුභසාධනය සඳහා යහපාලනයක් අත්‍යවශ්‍ය වන තරමට ම ස්ථාපිත සදාචාරයක් ද අත්‍යවශ්‍ය වන්නේ ය.බාහිර පීඩනයන්ගෙන් කැඩි විසිරී යනවාට වඩා බොහෝ විට සමාජයක් විනාශ වී යන්නේ අභ්‍යන්තරයෙනි” -පැටි්‍රක් ආතර් ඩෙව්ලින් විනිස...