ශ්‍රී ලංකාවේ පශ්චාත්නූතන තත්වයක් පවතිනවාද නැද්ද යන්න විවාදයට බඳුන් බව වූ කරුණකි.ඇතැම් විද්වතුන් පවසනු ලබන්නේ ශ්‍රී ලංකාව පශ්චාත්නූතන සමාජයක් බවට පත්ව ඇති බවයි.නමුත් මීට එරෙහි ව ශ්‍රී ලංකාවේ පශ්චාත්නූතන තත්වයක් නොමැති බවට තර්ක කරන විද්වත්හු පිරිසක් ද වෙයි.පශ්චාත්නූතනවාදය යන වචනයෙහි අර්ථය ගත් පමණින් අරුත තේරුම් ගැනීමට අපහසුය.
Post +modern +ism
පශ්චාත් +නූතන + වාදය
පශ්චාත්නූතනවාදය පිළිබඳ පළ වූ විවිධ මත
■ පශ්චාත් නූතන විශ්ව කෝෂය-නූතනවාදයට එරෙහි ව සාහිත්‍ය හා ගෘහ නිර්මාණ වැනි ක්ෂේත්‍රවල පැන නැගුණු කිසියම් ප්‍රවණතාවයකි.
■ හයිපර් විශ්ව කෝෂය-නූතනවාදයට එරෙහි ව පැන නැගුණු ක්‍රියාදාමයකි.
■ නලීන් ද සිල්වා-නූතනවාදයේ ම දීර්ඝයක් මිස අන් යමක් නොවේ .
■ මහාචාර්ය සුචරිත ගම්ලත්-අතිප්‍රතිගාමී විෂඝෝර අන්තර්ගතයක් සහිත චින්තන විලාසිතාවකි
■ විමල් දිසානායක-මෙය හුදු විලාසිතාවක් නොව නවීන තාක්ෂණය හා ජන සන්නිවේදන මාධ්‍ය ධනවාදයේ අභිනව ප්‍රවර්ධන යනාදියේ ඇති වූ වෙනසයි
පශ්චාත්නූතනවාදයේ ලක්ෂණ
■ මහා ආඛ්‍යාන ප්‍රතික්ෂේප කිරීම.
■ පරම සත්‍යයක් නොමැතිය යන විශ්වාසය.
■ බලය ලබා ගැනීමේ අභිලාෂය.
■ බහුත්වවාදය ඇගයීම.
■ ඉතිහාසය සංකීර්ණ දෙයක් ලෙස නොව මෝස්තරයක් ලෙස සැලකීම.
■ ලිංගිකත්වය පිළිබඳ සාම්ප්‍රදායික ආකල්ප අභියෝගයට ලක් කිරීම.
■ විකල්ප කුටුම්භ ඒකක ඇගයීමට ලක් කිරීම.
ශ්‍රී ලංකාවේ පශ්චාත්නූතන තත්වයක් පවතිනවාද නැද්ද යන කාරණාව තුළදී බුද්ධික බණ්ඩාර, දීප්ත කුමාර ගුණරත්න, නන්දන කරුණානායක වැනි පුද්ගලයින් මෙරට එවැනි තත්වයක් පවතින බව පවසයි.විශ්වාසය බිඳී යාම න්ෂ්පාදනයට වඩා පරිභෝජනය ඇගයීම, මිනිස් සබඳතා විකේන්ද්‍රණය වීම වැනි සාදක මඟින් ලංකාව තුළ පශ්චාත්නූතනවාදය ඇති බව ඔවුන්ගේ අදහසයි.
උදාහරණ වශයෙන්
■ Magestic city,Odel වැනි ප්‍රදර්ශනාගාරයන් තුළින් ලංකාව තුළ පවත්නා පශ්චාත්නූතන තත්වය මනා ව පිළිඹිබු වේ
නන්දන කරුණානායක
■ ලංකාව තුළ පශ්චාත්නූතනවාදී කල්ලි බිහිව තිබෙන බව මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍ර මහතා පිළිගනී
ලංකාව තුළ පරිභෝජනවාදී සමාජයක් බිහිවෙමින් යන අතර නිතැතින්ම අප ඉදිරියේ පවතින්නේ "කාපල්ලා ,බීපල්ලා ,ජොලි කරපල්ලා" උද්යෝග පාඨය රැගත් සමාජයක් නොවේ ද? වර්තමානයේ ජීවත් වන පුද්ගලයින්ට අනාගතයක් ගැන සීතීමට වඩා පෙළඹෙන්නේ උපරිම සැපත සොයා යාමයි. අප රට මුළුමනින්ම පශ්චාත්නූතනවාදයේ ගිලී නොයන්නේ ඊට එරෙහි ව අවි එසවීමේ ශක්තිය ඇති සාම්ප්‍රදායික ප්‍රාණ වායුව අප සතුව පවත්නා බැවිනි. පශ්චාත්නූතනවාදය යනු ඕනෑම දෙයක් අවශෝෂණය කරගන්නා පද්ධතියක්ය .විශේෂයෙන් ම විදේශයෙන් ආනයනය කරන ලද දෑ වග විභාගයකින් තොරව වැළඳ ගැනීමට ලංකාවාසීන් සුදානම් ව සිටී. පූජ්‍ය පක්ෂය හා ගිහියා අතර පැවති වෙනස අපැහැදිලි වෙමින් පවතී. වර්තමානයේ සෑම දේශපාලන පක්ෂයකටම විවිධ ආගම්වලට අයත් පූජකයින් ඇතුළත්ව සිටී. ලෞකික කම් සැපතට ඇලී ගැලී සිටින අර්ධ ගිහි අර්ධ පැවිදි චරිතවලින් ආගමික ස්ථාන පිරි ගොස් ඇති බව පෙනි යයි .අද ආගම ඇදහීම හුදෙක් මෝස්තරයක් වී ඇති බව මහාචාර්ය කුලතිලක කුමාරසිංහ පවසයි.අතීතයේ දි මිනිසුන්ට අන්‍යෝන්‍යය සබඳතා වර්ධනය කරගන්නට අවස්ථාව ලැබුණි .අවුරුදු උත්සව නමුත් අද තත්වය වෙනස්ය.අද එවැනි උත්සව පවා සාමූහිකත්වය මත නොව වාණිජත්වය මත රඳා පවතී.
ලංකාවේ ජනතාවගේ විවේකය ගත කිරිමේ විවිධ ක්‍රම ගැන විමසා බැලීමෙන් ද මානව සබඳතා විඝටනය වටහා ගැනීමට හැකිය. චාම් දිවි පෙවෙතක් තිබූ ලාංකිකයාට අධිරාජ්‍යවාදීන්ට යටත් වීමෙන් පසු තත්වය වෙනස් විය. ගැමියෝ අං ඇදීම ,පොර පොල් ගැසීම වැනි ගැමි ක්‍රීඩා කළහ.අද තරුණ පරපුර වැඩිපුරම කරන්නේ ක්‍රීඩා කිරීම නොව නැරඹීමය .
උදා-ක්‍රිකට් තරග නැරඹීම
සාමුහිකත්වයෙන් විවේකය ගත කිරීමේ සම්ප්‍රදායට නැවතීමේ තිත වැටුනේ ලංකාවේ ජනතාව රූපවාහිනියට අබ්බැහි වීම සමඟය.ආර්ථික වශයෙන් ඉතාමත් දිළිඳු රටක් වුව මෙහි නිවාසවලින් 70% කට රූපවාහිනි යන්ත්‍ර තිබේ.දුරකථන භාවිතය ද ඊට දෙවෙනි නැත. අන්තර්ජාල ආගමනයත් සමග එම සාමුහිකත්වය සම්පූර්ණයෙන් ම අහෝසි වී ගොස් හමාරය.පුද්ගලයා හුදෙකලා වීම එහි ප්‍රතිඵලයකි.වත්මක් තරුණ පරපුර අබ්බැහි වී ඇති තවත් ජනප්‍රිය විනෝදායන ක්‍රමයක් ලෙස Tik Tok video හැඳින්විය හැකිය.
ලිංගිකත්වය හුවා දක්වන සමාජයක් වර්තමාන ලංකාවේ දැකිය හැකිය.ඊට හේතුව පශ්චාත්නූතනවාදයයි. එංගලන්තය හා ඇමෙරිකාවේ ඇතැම් විවාහයෙන් බැහැර ලිංගික සබඳතා පැවැත්වීම වරදක් සේ නොසලකන රටවල් ද ඇත.බහු විවාහා නීතිගත වූ රටවල් ද ඇත.යුරෝපා රටවල් බොහෝමයක ලිංගික ප්‍රකාශන අලෙවිය තහනම් නැත.ලංකාවේ තත්වය ගත්විට ලිංගික සඟරා මුද්‍රණය ප්‍රකාශනය හා අලෙවිය සම්පූර්ණයෙන් ම තහනම් නමුත් ලංකාවේ ඕනෑම නගරයක ඇති ඇතැම් පත්තර කඩවලින් මෙවැනි දෑ මිලදීගත හැකිය. එංගලන්තය වැනි රටක් ගත්විට සමලිංගික විවාහා නීතියෙන් අනුමතය.ලංකාවේ තවත් සමලිංගික විවාහයන් නීතියෙන් අනුමත කර නැත නමුත් අද සමාජය ගත්විට සමාජ මාධ්‍ය ගත්විට සමලිංගික විවාහයන් ආදර සබඳතා දැකගත හැකිය.අතීතයේදී විෂමලිංගිකත්වය පමණක් ස්වභාවික ලෙස සලකමින් සමලිංගිකත්වය රෝගයක් හෝ අපගමනයක් හෝ ලෙස සැලකූ නමුත් වර්තමානයේ දී එයත් ස්වභාවික වෙනසක් ලෙස සලකනු ලබයි ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන් ම ඇමතිවරුන්ටද සමලිංගික චෝදනා එල්ල වී තිබේ.මෙවැනි චෝදනා පාර්ලිමේන්තු විවාදවලදී පවා විවාදයට ගෙන තිබේ.මෙය පෙර නොතිබූ තත්වයකි .සෞඛ්‍ය දේපාර්තමේන්තුව විසින් අනිසි ලිංගික සබඳතාවකදී ආරක්ෂණ ක්‍රම භාවිතා කරන්න යනුවෙන් ප්‍රකාශ කොට ඇත .මෙයින් ද ගම්‍ය වන්නේ රජයට අවශ්‍ය ලිංගාශ්‍රිත රෝග මර්දනය කිරිම මිස සදාචාරය සුරැකීම නොවන බවය.මෙරට ස්ත්‍රී පුරුෂ ගණිකාවන් සපයන රටක් ලෙස අපකීර්තිමත් නාමයක් දිනා සිටින බවද අමතක නොකළ යුතුය .Peace රාජ්‍ය නොවන සංවිධානය මඟින් කළ අධ්‍යනයකදී හෙළි වී ඇත්තේ ලාංකේය දූ දරුවන් 15000කට අධික පිරිසක් වර්තමානයේ ලිංගික ව්‍යාපාරවල යෙදෙන බවය.විවාහා නොවූ කතුන් ගබ්සා කරගන්නා අවිවාහක කතුන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.මෙරට ක්‍රියාකාරී මට්ටමේ ගබ්සා ආයතන 500ක් පමණ ඇත.මෙසේ අසම්මත යැයි හැඳින්වෙන ලිංගික චර්යා වෙත යොමුවන්නේ පශ්චාත්නූතන අවධියකය.යහපත අයහපත අතර වෙනස පවා තුරන් වෙමින් පවතී.සයිබර් සංස්කෘතියක් ලංකාවේ වර්ධනය වෙමින් පවතින බව විද්වතුන්ගේ අදහසයි.
පශ්චාත්නූතන ලක්ෂණ රැගත් සාහිත්‍ය කෘතිද අද පවතී.
උදාහරණ-එරික් ඉලයප්ආරච්චිගේ විතණ්ඩ සමය
සුනන්ද මහේන්ද්‍රගේ නිරුවත් දෙවිවරු
පශ්චාත්නූතනවාදී නැමියාවක් සහිත සිංහල සිනමාවක් ද ලංකාව තුළ දැකගත හැකිය.සුළඟ එනු පිණිස ,තනි තටුවෙන් පියාඹන්න, අක්ෂරය, ඉර මැදියම ,සුදු කලු සහ අලු ඒ සඳහා නිදසුන්ය.ශ්‍රී ලංකාවේ පශ්චාත්නූතන තත්වය ප්‍රබල ලෙසම නිරූපනය වන්නේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළය. අතීතයේදී ජනමාධ්‍ය සතු කාර්ය භාරය වූයේ සමාජයට සත්‍ය ප්‍රකාශ කරන අතර දැනුම වින්දනයක් ලබාදීමය.නමුත් අද ජනමාධ්‍ය බුද්ධිමය සංවාද සම්ප්‍රේෂණය කරන්නක් නොව හුදෙක් පාරිභෝගික සේවා සපයන අවකාශයක් වී ඇත .පුද්ගලයින් ජනමාධ්‍ය නාලිකාවල රූකඩ බවට පත් ව ඇති බවද නොරහසකි.මෙම සාධක සියල්ල සමස්තයක් ලෙස සැලකුූ විට නිගමනය කළ හැක්කේ පූර්ණ වශයෙන් ශ්‍රී ලංකාවේ පශ්චාත්නූතන තත්වයක් ඇති බව කීමට තරම් සාධක නොතිබුනත් අර්ධ පශ්චාත්නූතන තත්වයක් මෙරට වර්ධනය වෙමින් පවතින බවයි.

Great work💪💪
ReplyDelete💛💛
ReplyDeleteGreat
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteGreat wedak...❤️
ReplyDeleteEka maruu...❤️❤️
ReplyDelete❤❤
ReplyDelete❤❤
ReplyDeleteWow! Great Work.....
ReplyDeleteWow! Great Work.....
ReplyDeleteGood
ReplyDeleteGood👍 ❤️
ReplyDeleteBest 👍
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteගොඩක් වැදගත් 💕
ReplyDeleteGreat👌❤️
ReplyDeleteWoow awesome ��
ReplyDeleteGreat 👌
ReplyDelete👍👍
ReplyDeleteSupperb 😘💖
ReplyDeleteThis is awesome. Thanking a lot for the people who created this post. Each and every thing mentioned here is totally true. As well as I'm Thanking for the people who supported & commented on this post. I'm so happy to see that there are some people in our country who are still appreciating & living according to Sri Lankan Tradition.
ReplyDeleteThnks for ur comment
DeleteYou're Most Welcome. We need people like you to change this corrupted & vulgar society which takes us all to the hell. If we ready to work together, we can bring a major effect on current Sri Lankan society. Please create more valuable articles like this, further & share with us.
DeleteGood
ReplyDeleteMaru👍
ReplyDeleteMaru👍
ReplyDeleteMaru👍
ReplyDelete❤️❤️
ReplyDeleteGreat work ❤
ReplyDeleteNice work
ReplyDeleteGreat 👍
ReplyDeleteGreat
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteනියමයි
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteEnter your comment...ela ela❤❤❤
ReplyDeleteNiyamai..
ReplyDeleteGreat 👍👍
ReplyDeleteGreat 👍👍
ReplyDeleteGreat 👍💪❤️
ReplyDelete