ඔක්සිජන් නැති වුනොත්???????



බැරි වෙලාවත්  ඔක්සිජන් වායුව නැති වුණොත් අපට සහ අප ජීවත් වෙන පරිසරයට මොන වගේ බලපෑමක් වෙයිද

 අපි ප්‍රායෝගික අත්දැකීමක් ගමු.හිතන්න ඔයාලා පාරෙ ඇවිදගෙන යනවා කියලා.එතකොට පාරේ ගිනි ගොඩක් ගහලා තියෙනවා.ඒ විෂ දුම හුළඟත් එක්ක ඔයාලගෙ දිහාවට එනකොට ඔයාලා මොකද කරන්නෙ? ලොකු හුස්මක් අරගෙන හුස්ම ගන්නෙ නැතුව ඒ ගත්ත හුස්ම තද කරගෙන නේද යන්නෙ? සමහර විට තත්පර කිහිපයකට වෙන්න පුලුවන්.ඒත් ඒ සුළු වෙලාවෙදිත් මොන තරම් අපහසුවෙන්ද හුස්ම තද කරන් ඉන්නෙ?

  

අපිට ඔක්සිජන් වායුව නැතුව හුස්ම ගන්න බෑ.ඉතින් ඔක්සිජන් වායුව නැතුව සදාකාලිකවම ඒ විදිහට හුස්ම හිර කරගෙන ඉන්න පුලුවන්ද?ඔක්සිජන් වායුව ලෝකයේ ජීවත් වන හැම සත්වයෙකුටම සහ හැම ශාඛයකටම අත්‍යාවශ්‍යයි.ඔක්සිජන් වායුව නැති වුණා කියන්නෙ සමස්ථ සත්ව සහ ශාඛ ලෝකයේ අවසානයයි.මේ කාරණාව අපි හැමෝම පෙර පාසල් අවධියේ ඉදන්ම දන්න දෙයක්.

 අපි ඉන් එහාට ගිහිල්ලා ඔක්සිජන් වායුව පෘතුවියෙන් තුරන් වුණොත් වෙන තවත් සිද්ධීන් කිහිපයක් ගැන අවධානය යොමු කරමු.සදහටම තුරන් වුණොත් කියලා හිතන්න අවශ්‍ය නෑ.නිකමට හිතන්න, තත්පර පහකට ඔක්සිජන් වායුව නැති වුණා කියලා.එහෙනම් අද ඔයාලා මේ දකින පරිසරයට හාත්පසින්ම වෙනස් පරිසරයක් තමයි නිර්මාණය වෙන්නෙ.මේ ලෝකයේ කොන්ක්‍රීට් භාවිතා කරලා තියෙන හැම නිර්මාණයක්ම හැම ඉදිකිරීමක්ම කැබලි වෙලා පොළවට පතිත වෙයි.

මොකක්ද හේතුව?

 කොන්ක්‍රීට් සංයුතියේදී ඔක්සිජන් විශේෂ බන්ධනයක් විදිහට ක්‍රියා කරනවා.ඉතින් ඒ විදිහට බන්ධනය වුණු ඔක්සිජන් කොන්ක්‍රීට්වලින් ඉවත් වුණොත් කොන්ක්‍රීට්වල ශක්තිය අතුරුදහන් වෙ.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට කොන්ක්‍රීට් නිකන්ම නිකන් දූවිලි ගොඩක් බවට පත් වෙයි.

 ඒ වගේම ලෝහවලින් නිර්මාණය කර තියෙන හැම වස්තුවක්ම හැකිලෙන්න ගනියි.

ලෝහවලිනුත් ඔක්සිජන් ඉවත් වෙලා යයි.ඔක්සිජන් වායුව ආධාරයෙන් මිනිසා විසින් නිර්මාණය කර තියෙන අනිත් දේවල් ගත්තොත්   ඒවාටත් අත්වන්නේ ඒ ඉරණමම තමයි.

 ඔක්සිජන් නැති වී යාම  ඕසෝන් ස්තරය විනාශ වී යාමටත් හේතුවක් වෙයි.

ඕසෝන් ස්ථරයෙන් පෘතුවියට නිකුත්වෙන සූර්යයාගේ පාර ජම්බුල කිරණ වලින් අපිව ආරක්ෂා කරයි.මේ ඕසෝන් ස්ථරය නිර්මාණය වෙලා තියෙන්නෙ ඔක්සිජන්වලිනි.ඔක්සිජන් නැතුව ඕසෝන් ස්ථරය විනාශ වීමේ ප්‍රතිඵලයක් විදිහට අපි හැමෝගෙම සම පිච්චෙන්න පටන් ගනී.ඒක බොහොම භයානක දෙයකි.සූර්යයාගේ අහිතකර සහ සැර පාරජම්බුල කිරණවලින් අපිව ආරක්ෂා කරන්න ඉන්න අපේ එකම ගැලවුම්කාරයා වෙන්නෙ මේ ඕසෝන් ස්ථරයයි.

  ඔක්සිජන් නැති වුණොත් තත්පර කිහිපයක් හරි හුස්ම නොගෙන ඉන්න පුලුවන් නමුත් එය තාවකාලික විසදුමක් පමණි.ලෝකයෙන්  ඔක්සිජන් වායුව නැති වීමත් එක්ක  අභ්‍යන්තරික ශරීරයේ විනාශය ආරම්භ වෙයි.එහි පළවෙනි වෙඩි මුරය පත්තු කරන්නෙ  කන් බෙරයයි.

 පෘතුවියේ ඔක්සිජන් වායුව නැති වීමත් එක්ක අපේ අභ්‍යන්තර කණ  පුපුරා යයි.ඒ කියන්නෙ තත්පර කිහිපයක් ඇතුළත කන් ඇසීම සම්පූර්ණයෙන්ම නැති වෙයි.මොකද පෘතුවි වායු ගෝලයෙන් ඔක්සිජන් නැති වීමත්  සමග වායුගෝලයේ පීඩනය අහිතකර විදිහට වෙනස් වෙයි.ඒ වෙනස් වීම හරියට අපි පොළව මට්ටමේ  සිට කිලෝමීටර 2ක් මුහුද ඇතුළට වැටුණා හා සමාන වෙනස් වීමකි.එවැනි ක්ෂණික වෙනස් වීමකට අනුවර්තනය වීමට  අපේ කණ්වලට හැකියාවක්  නැත.

 ඊට අමතරව  මොළයට හා පෙනහළු වලට හානි සිදු වෙයි.අපගේ ශරිරයේ පවතින සෑම සෛලයක්ම දියවීමට පටන් ගනියි.ඒවා හයිඩ්‍රිජන් වායූන් බවට පත් වී  වායු ගෝලයට එකතු වෙයි.

ඔක්සිජන් නැති වුණාම තව මොනවද අපිට අහිමි වෙන්නෙ

මිනිසාගේ පරිනාමණයේ වැදගත්ම සන්ධිස්ථාන එහෙමත් නැත්නම් හැරවුම් ලක්ෂ්‍යයන් තමයි ගින්දර සොයා ගැනීම සහ රෝදය සොයා ගැනීම.ඔක්සිජන් නැති වුණොත් මේ දෙකම අපට නැවත අහිමි වෙයි.

අපිට ගින්දර උපද්දවන්න නොහැකි වනවා සේම වාහනවල දහන ක්‍රියාවලිය ඇණ හිටි.විදුලියෙන් දුවන්නෙ නැති හැම යානයක්ම, වාහනයක්ම ක්‍රියා විරහිත  වෙයි.පෘතුවියේ අහස සම්පූර්ණයෙන්ම කළු වෙයි.මොකද අපි උදේ දවල් දකින නිල් පාට අහස නිර්මාණය වෙලා තියෙන්නෙත් වායු ගෝලයේ තියෙන කුඩා ඔක්සිජන් අංශු නිසයි.එහෙම වුණොත් පැය 24ම පෘතුවියට පවතින්නේ රාත්‍රී කාලය පමණයි.
පෘතුවි ගෝලයෙන් 70‍%ක් අල්ලගෙන ඉන්න මහා මුහුද හැම ජල බිංදුවක්ම හයිඩ්‍රිජන් බවට පත් වෙයි.පෘතුවිය විශාල උෂ්ණත්වයක් තියෙන වේලිලා ගියපු ග්‍රහලෝකයක ස්වරූපයක් අරගනියි.මේ  හැම විපර්යාසයක්ම වන්නේ පෘතුවියෙන් ඔක්සිජන් වායුව අතුරුදහන් වෙලා තත්පර 5ක් වගේ සුළුම සුළු කාලයක් ඇතුළතයි.

පෘතුවියේ වායු ගෝලයෙන් ඔක්සිජන් වායුව පවතින්නේ 21‍%ක් පමණි.මේ පුංචි ප්‍රතිශතයත් මිනිස් ක්‍රියාකාරකම් නිසාම දැන් දැන් අඩු  වීමට පටන් ගෙන ඇත.21‍%ක ප්‍රතිශතයෙන්  ඉපදුනු දවසෙ  සිට අපගේ මරණය දක්වා සියල්ල අපගේ ජීව වායුව වන්නේ අනෙකක් නොව ඔක්සිජන්ය.

 ඉතින් මේ ප්‍රමාණය රැක ගැනීම සහ තව දුරටත් වර්ධනය කර ගැනීම අපි හැමෝගෙම යුතුකමක් සහ වගකීමක්.ඒකට හොඳම පියවරක් තමයි අපේ වන සම්පත සහ වෘක්ෂ සම්පත ආරක්ෂා කර ගැනීම.ඒ වගේම අලුතින් රුක් රෝපනය කිරීම.මොකද අපිට ජීවත් වෙන්න අවශ්‍ය කරන ඔක්සිජන් නිපදවෙන්නෙ ගස් වලින්.කුඩා කාලයේදිම ළමයින්ට යහපත් ආකල්ප සහ මේ වගේ දේවල් ගැන කියලා දුන්නොත් ඒ අය කවදා හරි වැඩිහිටියො වුණු දවසක ඒ දේවල්ම පිළිපදීවි.ඒ විතරක් නෙවේ.ඒ අයගෙ දරුවන් ඒ අයව අනුගමනය කරයි.ඒ ඔස්සේ අපිට යහපත් විදිහට හිතන රටක් ගොඩ නගන්නත් පුලුවන් වෙයි.



Comments

Post a Comment

Popular posts from this blog