මාධ්‍ය සංස්කෘතියේ තිත්ත ඇත්ත

     දේශීය මාධ්‍ය ක්ෂේත්‍රය ලිහාගත් මුරබල්ලෙකු වැනිය.මාධ්‍ය පරිශීලකයන් නමැති ඔඩොක්කු කුක්කන්ට පිස්සු හැදී ඇත.සී සීකඩ දුවති.සන්නිවේදන තාක්ෂණය හීයක් බඳු වේගයකින් ගමන් ගනී.එහෙත් දඬුබස්නාමානය නොපෙනේ.පිට රට යන තාක්ෂණ ශිල්පීහූ ලැබෙන අලුත්ම සන්නිවේදන මෙවලම් කරපින්නාගෙනවිත් ඒවායෙහි ඇති අරුමය රටට කියති.ආකර්ෂණීයය. අරුම පුදුම මෙවලම්ය.තාක්ෂණය අති විස්මිතය. අන්තර්ගතය දුප්පත්ය.

   අන්තර්ජාල බූවල්ලා රුදුරු වී ඇත.ළමා තරුණ වැඩිහිටි සැම වෙලා සිටියි.යහපත් අයහපත් විපාක බොහෝය.සමාජ මාධ්‍ය ඉදිරියේ ප්‍රීති ප්‍රමෝදය භුක්ති විඳිමින් කාලය මරයි.

ගෙදර රූපවාහිනිය ඩිජිටල්ය එබැවින් රූපවාහිනි මාධ්‍ය පිළිබඳව ගැටලුවක්  ඇතිවිය නොහැකිය.රූප පැහැපත්ය.දීප්තිමත්ය නිර්මාණශීලීය ආකර්ෂණීයය එබැවින් ඒවායෙහිද ප්‍රශ්නයක් නැත මාධ්‍ය කියන පෙන්වන ආකාරයට අපි ජීවත් වෙමු.එමෙන් ම කති, බොති, අදිති, හැසිරෙති .දරුවන් තරබාරු වී ඇත. ක්ෂණික කෑම රසවත්ය.දරුවෝ වෛද්‍යවරු ළඟ පෝලිමේ සිටිති.මධ්‍යම පාන්තික දරුවන් මන්දපෝෂණයෙන් පෙළේ. 

විචාරයට වඩා ප්‍රචාරයට දොර ඇරේ.ජනප්‍රිය මාධ්‍ය නිෂ්පාදන විචාරකයෝ රකිති.ජනප්‍රිය අනුකාරක දුබල දේ බිහිවීම විචාරකයින්ට හබන් කුකුළන්ට රජ මඟුල් වූවා වැනිය.මාධ්‍ය උගතුන් හාන්සි පුටුවල පෙළට සිටියි. ඔවුන් නිහඬය. කනයින් වළවල්වල උඩ පනිති ,දොඩති.

අම්මාවරු දරුවන් ඔඩොක්කුවල තබාගෙන සබන්මාලා අන්දර බලති.දරුවන් ඇකයෙන් වැටි තුවාල කරගනී.දිනෙන් දින විස්මිත පුවත් මැවේ.පුවත් ගොඬේ තාත්තා හෙම්බත්ව වැතිර සිටියි.ලොකු පුතා නෙට් එකේය.පොඩිදුව ජංගම දුරකථනයේය.මේ සියල්ල විසි එක්වන සියවසේ ය. 

ඇතැම් මාධ්‍ය අලුත් බීජ වපුරති.නිසරු ගොයමකි. බොල් අස්වැන්නකි. පාලකයින්ට මාධ්‍ය දේශපාලනික අතකොලුවක් ද?  මාධ්‍ය ඉගැන්විය යුතු නැත.ඉගෙනගත යුතුද නැත.නිදහස පමණක් ප්‍රමාණවත් ය.වගකීමක් උවමනා නැත.

මාධ්‍ය පිළිබඳ වග කියන ආයතන ඇත.පරිණත නිලධාරීන් ටයි බැඳ සිටිති .සේවකයෝ සිය ගණනින් වැඩ කරති.මාධ්‍ය නියාමනයක් නැත.එකදු ආචාර ධර්මයක්වත් වසර දහයකටවත් විධිමත්ව සකසා සමාජගත කොට නැත.මාධ්‍ය පාසලක් වුවමනා නැත.ඒවා මාධ්‍ය නිලධාරීන්ට නොතේරෙන වැඩය. ප්‍රතිපත්ති සම්පාදන ගැන මූලාසන කතාවල ඇසේ .මාධ්‍ය නිලධාරීන්ට ඇසෙන දෙයින් වචන අහුලාගෙන මාධ්‍ය සංකල්ප ගොඩනගති.මෙවන් පසුබිමක මාධ්‍ය සංස්කෘතියේ විශිෂ්ටත්වය රටක  විශිෂ්ටත්වයේ කැඩපතක් වන බැවින් එබඳු සංස්කෘතියක් බිහිකිරිමෙහිලා අප අත්වැල් බැඳගත යුතු වේ.නීරස සත්‍යය මෙය නොවේද?

?



Comments

  1. ව‍ර්තමාන සමාජය විවරණයක්👍

    ReplyDelete
  2. ලස්සන වැඩක්❤️

    ReplyDelete
  3. තිත්ත ඇත්ත 👍👍

    ReplyDelete
  4. ඇත්ත. great article 👍👍👍❤️

    ReplyDelete
  5. වටිනම ආටිකල් එකක්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog