මිනිසා මෙන් ම සැනසෙයි තුරුලතා ලයාන්විත සංගීතයෙන්............







     
නිවසක් අසල ඵල දරන කුමක් හෝ ගසක් වේනම් එහි ඵලදාව බොහෝ වර්ධනය වන අප අසා ඇති නමුත් එහි සත්‍ය අසත්‍යතාව අධ්‍යනය කිරීම පිළිබඳ වැඩි උනන්දුවක් නොදක්වන බව සැබෑය.එහි විද්‍යානුකූල සත්‍යය නම් ශාක කටහඬට අනුවර්තනය වීමත් ඒ අනුවර්තනය හේතු කොටගෙන ශාක තම ශක්ති ප්‍රභවයන් නැවත මුදාහැරීමත් නිසා එසේ සිදුවන බවය.

ලොව ප්‍රකට බි්රතාන්‍ය ගෙවතු වගා සංගමය මේ පිළිබඳ ව කළ විවිධ පර්යේෂණයන් ඔස්සේ මෙය වඩාත් තහවුරු කර ඇත.අතීතයේ සිටම මිනිස් කටහඬට වඩාත් සංවේදී පැළෑටියක් ලෙස සැලකෙන තක්කාලි මෙම පර්යේෂණය සඳහා යොදාගෙන ඇති අතර මෙම පර්යේෂණය තුළින් එය වඩාත් සාර්ථකව ඔප්පු කළ හැකි බව පර්යේෂකයින්ගේ මතයයි. 


මෙම පර්යේෂණය සඳහා යොදාගන්නා තක්කාලි පැළ පෝච්චිවල සිටුවා ඇති අතර මාසයක් පුරාවට මේ පැළවලට විවිධ  වූ නාද රටා සහ ශබ්ද ඇසීමට සලස්වනු ලැබේ .පෝච්චිවලට සවි කළ සවන් දීමේ උපකරණ හරහා පටිගත කළ විවිධ නාද රටා පැළ තුළට යොමු කිරීමෙනි.එය ඉතා සාර්ථක වු බව ඔවුන් පවසයි.

මීට ඉහතදී සංගීතය යොදාගෙන සිදුකළ පර්යේෂණ හරහා හර්ට්ස් 125ත් 250ත් අතර ශබ්ද පැළෑටිවලට ජාන වර්ධනය කෙරෙහි බලපාන බව සොයාගෙන ඇත.2007 වර්ෂයේ මේ සම්බන්ධ පරීක්ෂණ කිහිපයක් ම සිදු කළ මංජෝන් නම් මේ සඳහා උපයෝගී කරගන්නා ලද්දේ ලුඞ්විග් වෑන් බිතෝවන්ගේ මූන් ලයිට් නම් සොනාටාවයි.මෙය පැළෑටිවල ඉක්මන් වර්ධනයට සහ ඵල හට ගැනිමට හේතුපාදක වූ බව සොයාගෙන ඇත.

දරුවෙකු ලොව ඉදිරියේ ඵලදායි පුද්ගලයෙකු කිරීමට ඔහු හැදෙන වැඩෙන පරිසරය මූලික වශයෙන් බලපාන කරුණකි.එමෙන්ම පැළයකටද නීරෝගිව හැදී වැඩී වැඩියෙන් ඵල ලබාදිම කෙරෙහි එය හැදෙන වැඩෙන පරිසරය බලපායි.ආදරය මහ පුදුම බලයකි.එය විසින් මුලු ලෝකය නිර්මාණය කරයි.ආදරය ලැබීමට ආශාවෙන් බලා සිටින්නන් අතර මිනිසා පමණක් නොව සතා සීපාවුන් ද ගහකොළද ඒ අතර වන බව අප සිහියේ තබාගත යුතුය.සියල්ල සම්පූර්ණ වී  අප ජීවත් වන ලෝකය ලස්සන වන්නේ එවිටයි.එවන් වූ ලෝකයක අපට පමණක් නොව සතා සිවුපාවුන් සහ ගහකොළවලට ද නිරන්තරයෙන් ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීම අපේ වගකීමක් බව අප අදහමු.



Comments

Post a Comment

Popular posts from this blog