භාෂාවේ ප‍්‍රභවය
භාෂාව බිහිවීම පිළිබඳ පසුබිම ගොඩනැගුනේ කෙසේද යන ප‍්‍රශ්නය මානව ඉතිහාසය තුළ සැලකිය යුතු මතිමතාන්තර රැසක් බිහිවීමට තුඩුදුන් එකකි.කෙසේවුව ද ලිඛිත භාෂාව මෙන් නොව කථික භාෂාව කිසිදු ශේෂයක් නොතබයි.මේ හේතුව නිසා භාෂාවේ ප‍්‍රභවය සොයාගැනීම පිණිස උත්සාහයන්හි නිරත වාග් විද්‍යාඥයින්ට ඒ සඳහා විවිධ ක‍්‍රම උපයෝගී කර ගැනීමට සිදුව ඇත.මුල්වරට මානවයා විසින් භාෂාවක් භාවිත කළ බව මානව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ හෝමෝ හැබිලිස් මානවයාය.ඔවුන් මීට වසර මිලියන 2.8 ත් 1.5 අතර කාලයේ මිහිමත වාසය කළහ.මොවුන්ගේ පොසිල විශ්ලේෂණය කළ මානව විද්‍යාඥයින්ට හැබිලිස් මානවයන්ට තරමක දියුණු මොළයක් පැවති බවත් හිස් කබලේ වූ හනු පිහිටා තිබෙන ආකාරය ආදිය සලකා බැලීමේ දී මොවුන් මුලින්ම භාෂාමය කතා කාර්යයට මුලපිරූ මානවයන් ලෙස පැහැදිලි වන බව විද්‍යාඥයන් අවධාරනය කරති.
භාෂාවේ සුලමුල පිළිබඳව ඉඳුරාම කිව නොහැකි නමුත් භාෂාවේ ප‍්‍රභවය පිළිබඳ විවිධ මත ඉදිරිපත් විය.එනම්,
ං නිර්මාණවාදී මතය
ං පරිණාමවාදී මතය
ං අංග වික්ෂේප මතය
ං මුඛ වික්ෂේප මතය
ක‍්‍රිස්තියානි ලබ්ධිකයින් විසින් ලොව ප‍්‍රථම භාෂාව ලෙස පිළිගන්නේ දෙවියන් දේශනා සඳහා භාවිතා කළ හීබෲ භාෂාවයි.ඒ අනුවල ඔවුන් පවසා සිටියේ දෙවියන් විසින් තම ශරීරයේ දහඩිය මඟින් ආදම් සහ ඒවා නැමති ගැහැණිය හා පිරිමියා මැවූ අතර ඔවුනට ජීව වායුව පිඹ කතා කිරීමට සැලැස්වූ බවයි.එහිදී ආදම් සහා ඒවා තමාට රිසි ලෙස තමා දකින ලද භෞතික වස්තූන්ට නම් තැබූහ.
”සංස්කෘතං නාම දේව වාක්‍යං” දෙවියන්ගේ වචනය සංස්කෘත භාෂාවයි.ඒ අනුවල හින්දු භක්තිකයන් පිළිගන්නේ දෙවියන් විසින් දේශනා පැවැත්වීමේදී භාවිතා කළ භාෂාව ලොව මුල්ම භාෂාව බවයි. ඒ අනුව, හින්දු භක්තිකයන් ලොව මුල්ම භාෂාව ලෙස සංස්කෘත භාෂාව පිළිගනී.
”සා මාගධි මූල භාෂා” එනම් මහා බ‍්‍රහ්මයා විසින් භාවිතා කරන ලද මගධ භාෂාව ලොව මුල්ම භාෂාව බව මතයයි.එහෙත් අතීතයේදී ආගමට ඇති භක්තිය, ආගමට ඇති භය හේතුකොට ගෙන මිනිසුන් මෙම මතය ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නට හුරු පුරුදු වූහ.එහෙත් පසුකාලීනව වාග් විද්‍යාඥයින්ගේ පිළිගැනීම් තුළ මෙම මතවාද ප‍්‍රතික්ෂේප වූ බැවින් භාෂාව දෙවියන් විසින් නිර්මාණය කොට මිනිසුන්ට තිළිණ කළේයැයි කියැවෙන මෙම ආගමික මත පිළිගත නොහැකි යැයි ප‍්‍රකාශ කරන ලදි.
”මානව භාෂාවේ ප‍්‍රභවය සිදුව ඇත්තේ මුල් මානවයා අතර ලිංගික අවශ්‍යතා මුල් කරගෙන ඇති වූ ආදර හැඟීම් මුල් කරගෙන යි.”
(වාග් විද්‍යාඥ ජේස් පර්සන්)
ගී‍්‍රක දාර්ශනිකයන්ට අනුව, භාෂාව එකවර හදිසියේ බිහි වූවක් නොව එය ක‍්‍රමයෙන් මිනිස් පරිණාමය සමග වර්ධනය වූ සාධකයක් බවද අදහස් දක්වා ඇත.
භාෂාව සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍යම අංගයක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි ය. මානවයින් ඇතැම් අවස්ථාවලදී වචන මඟින් තම අදහස් හුවමාරුව සිදුකර ගන්නා අතර, තවත් අවස්ථාවලදී අංග චලන මගින් තම අදහස් හුවමාරු කර ගැනීම සිදු කරනු ලබයි. මේ සියල්ල මි‘භාෂාව’’ භාවිතයේ විවිධ ස්වරූපයන් ය.
Important
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDelete👍
ReplyDelete👍👍
ReplyDeleteBest one
ReplyDeletebest article
ReplyDelete