සංස්කෘතිය හා කාන්තාව
බොහෝ සාම්ප්‍රධායික සංස්කෘතීන් තුල කාන්තාවට හිමිවන්නේ ඉතා අවාසනාවන්ත තත්වයකි.බොහෝ සංස්කෘතීන් මගින් ස්ත්රීන්ගේ මානව අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය වන ආකාරය දක්නට ලැබේ.ඇතැම් සංස්කෘතීන්වල ගැහැණු දරුවකුගේ උපත අවාසනාවන්ත සිදුවීමක් ලෙස සලකා ළදරු අවධියේදීම මරා දමයි.උදාහරණ ලෙස යනොමාමෝ
වැනි ප්‍රාථමික සමාජවල මෙන්ම ඉන්දියාව,අරාබි රටවල් දැක්විය හැක.විශේෂයෙන් හින්දු හා ඉස්ලාම් ආගම් අදහන සංස්කෘතීන්වල කාන්තාවන්ගේ සමාජ තත්වය ඉතා ඛෙදජනකය.ඔවුන්ට ආගමික, සමාජීය නිදහස අහිමිවී ඇත.ස්වාධීන තීරණ ගැනීමට අවසර නැත.
ලිංග ඡේදනයˌකන්‍යාභාවයˌසතිපූජාවˌළමා විවාහˌදෑවැද්ද ගැහැණු දරුවන් ළදරුවියේදී මරා දැමීම වැනි සංස්කෘතිකාංග මගින් දැඩි පීඩනයකට කාන්තාවන් පත්වෙයි.ලිංග ඡේදනයේදී කාන්තාවන්ගේ ලිංගික අවයවයන්හි සංවේදී කොටස් එනම් යෝනි තොල් හා භගමනිය කපාදැමීම සිදුවේ.එයින් කාන්තාවන්ට දැඩි කායික හා මානසික පීඩාවන් ඇතිවේ.මෙම සංස්කෘතිකාංගය ඇතැම් රටවල නීතිය මගින් තහනම් කර ඇත.කෙසේ වෙතත් සාම්ප්‍රධායික සමාජවල මෙය තවමත් ක්‍රියාත්මක වේ.කන්‍යාභාවය නම් සංස්කෘතිකාංගය මගින් විවාහයට පෙර ලිංගික සබදතා පැවැත්වීම කාන්තාවන්ට පමණක් තහංචි කෙරේ.ප්‍රථම ලිංගික සංසර්ගයේදී රුධිරය පිටවීම මගින් කන්‍යාභාවය නිගමනය කරයි.මෙහි විද්‍යාත්මක පදනමක් නැති බව කායික විද්‍යාඥයන් පවසයි.ඇතැම් කාන්තාවන්ට උපතින්ම කන්‍යාපටලය පිහිටා නොමැති බවත් ඇතම් හදිසි අනතුරු හා ශල්‍යකර්ම නිසාද කන්‍යාපටලය බිදී යා හැකි බවත් ස්වයං වින්දනයේදී යෝනිමාර්ගයට ඇතැම් ද්‍රව්‍ය අතුළු කිරීමේදීද කන්‍යාපටලය බිදීයා හැකි බවත් වෛද්‍යවරුන් පවසයි.කෙසේ වෙතත් ඇතම් සංස්කෘතීන්තුල කන්‍යාභාවයට ඉහළ වටිනාකමක් ලබාදී ඇත.බොහෝ රටවල පවතින නීතීන් අනුව විවාහයට පෙර ස්ත්‍රියක් කන්‍යාවියක වී සිටීම අනිවාර්ය නැත.එය දික්කසාදයට හේතුවක් ලෙස දැක්විය නොහැකිය.
සමාජ, ආර්ථික, ශාරීරික, ලිංගික ආදී සෑම ආකාරයෙන්ම කාන්තාව යටපත් කරනු දක්නට ලැබේ.එක් එක් සංස්කෘතීන් තුළ කාන්තාවට සලකන ගරුකරන සුවිශේෂී ක්‍රම තිබිය හැකිය.එසේම සෑම සමාජ තත්වයකම කාන්තාවන් පීඩනයට පත් කරන ආකල්ප තිබිය හැකිය.ඒ අතරතුර එම සංස්කෘතිවලම කාන්තාවන්ට අතදෙන සලකන අගය කරන ප්‍රබල වන අවස්ථා ද ඇත.එසේම බොහෝ සමාජවල කාන්තාව සුවිශේෂ නීතිමය රැකවරණය යටතේ ආරක්ෂා කර ඇත.කාන්තාව දෙස සමානතා පදනමකින් බැලීමේ නව ප්රවේශයකට අවතීර්ණ විය යුතු වේ.


Best
ReplyDeleteවැදගත් ලිපියක් ❤😍
ReplyDeleteඉතාමත් වැදගත් ලිපියක්
ReplyDeleteඅපිට උරුම සංස්කෘතියත් එරෙහි වෙන්නේ කාන්තාවන් ට විතරයි .. 😌😌
ReplyDeleteනිමාවක් නොමැති කතාවක් 💔
ReplyDeleteVeleuble
ReplyDeleteniymai
ReplyDeleteNiyamai
ReplyDeleteBest
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDelete👍👍
ReplyDeletegood
ReplyDeleteGreat
ReplyDeleteගොඩාක් වැදගත් ලිපියක්
ReplyDeleteGood
ReplyDeleteකාලිනයි🌼
ReplyDeleteBest 👍
ReplyDelete👍👍👍
ReplyDelete