සිංහරාජය මැදින් මතුවන කඳුලේ හෘද සාක්ෂිය



ගාල්ල දිස්ත‍්‍රික්කයේ නෙළුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගිංගඟ මිටියාවතේ පිහිටා ඇති ලංකාගමට උතුරින් සිංහරාජ වනාන්තරයත්, දකුණින් දෙල්ලව මුකලානත් මායිම් කරගෙන ඇත.ලංකාගම අයත් වන්නේ හිනිදුම මැතිවරණ ආසනයටය.ඡන්දය ගණින්නට ගාලූ දිස්ත‍්‍රික්කයේ සියලූම ඡන්ද පෙට්ටි ගෙනෙන්නේ ගාලූ නගරයටය.එසේ ගෙන්වන ඡන්ද පෙට්ටි අතරින් හැමදාමත් අන්තිමට එන්නේ ලංකාගම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද පෙට්ටියයි.ගාල්ලට ගෙනාවේ හෙලිකොප්ටරයකිනි.එකල ඡන්ද පෙට්ටි රැගෙන ලංකාගම ඡන්ද කරන්නට යාම බොහෝ දුෂ්කර විය. මහ වරුසා මැද කූඩැල්ලන් කඩ කඩා ඡන්ද පෙට්ටි රැගෙන යාමට රජයේ නිලධාරීහු මහා වෙහෙසක් ගත්තෝය.මුතුන්මිත්තන්ගේ මුඛ පරම්පරාගතව එන ආකාරයට ක‍්‍රි.පූ 103 රජ පැමිණි වලගම්බා රජු දෙමළ ආක‍්‍රමණයත් සමග දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂාව පිණිස එයද රැගෙන පළා ගොස් පසුව සේනා සංවිධානය කරමින් දන්ත ධාතූන් වහන්සේ ද වැඩමවා ගෙන බටුවංගල, තඹලගම,ලංකාගම හරහා කලවෙනිගමට ගොස් කොළවෙණිගම පන්සලේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ආරක්ෂාව සපයා ඇත.මෙම කාලය තුළ ලංකාගම මිනිසුන් වාසය කළ බව පෙනේ.මේ පිළිබඳ ලිඛිත සාක්ෂි දරන්නේ පනාකඩුව තඹ සන්නස හා පෘතුගීසි තොම්බුවයි.එහි ලංකාගම ගැන සඳහන් වේ.එවක ලංකාගම විසූ මිනිසුන් රජතුමාට ආගන්තුක සත්කාර පැවැත්වූ බවත් කියැවේ.මේ අනුව ලංකාගම වතුගල කොලොන්තොටුව හා නිල්වැල්ල යන ගම්මාන සියවස් ගණනාවක් පැරණි මෙන්ම මෙහි වැසියන්ගේ පෙලපත් නාමයක් බිහිවී ඇත්තේ ද ඉහත ඔවුන් පදිංචි ගම්මාන මුල් කරගෙනයි.

ලංකාගමට පාසලක් ඉදිවන්නේ සියවසකට පමණ ඉහතදීය.ලංකාගම කනිෂ්ඨ විද්‍යාලය 1929 ජනවාරි 29 වන දින ආරම්භ කළේය .හැමදාමත් ලංකාගම පාසල ගිං ගගෙන් බැට කෑවේය.ඒ ගැන 1940 දශකයේ පාසලේ ලොග් පොතේ සටහන්ව ඇත්තේ මෙසේය. 
1940-05-17 
16දා රාත‍්‍රී පටන් ඇද හැලූණු අධික වර්ෂාව නිසා ජල ගැලීම් ටිකින් ටික වැඩි වී රාත‍්‍රි 2.00 ට පමණ පාඨශාලා ගොඩනැගිල්ලට ද ජලය ගලා එන්නට විය.එවිට මම සහ මගේ වැඩකාරයාද ගංවතුරෙන් එගොඩ වී කැලෑ සහිත හෙළට ගොඩවී ප‍්‍රාණය බේරාගෙන එළිවනතුරු වර්ෂාවට තෙමෙමින් කාලය ගත කළෙමු.උදේ 5.30ට පමණ පැමිණ බලන විට කළු ලෑල්ල සහ ආණ්ඩුව සන්තක සියලූම කඩදාසි, පොත්පත්, තීන්ත ,පොත්පත් ලිවීමේ උපකරණ තිබූ පෙට්ටිය ද සම්පූර්ණයෙන් ගසාගෙන ගොස්ය....
1945-10-19 
මෙදින මගේ ළමයින් දෙදෙනාටම උණ සෑදුණා.නමුත් 17 දින ළමයින්ට ලේ සීදං බඩයෑම සැදුණා.රෝග උත්සන්න වීම නිසා 18 දින මගේ ගෑනු දරුවා කාලක‍්‍රියා කළේය.මගේ භාර්යාවටද එම රෝගය වැළඳුණා.19දා මුල් ගුරුවරයාට සහ වැඩකාරයාට ද රෝගය බලගතු ලෙස වැළදී තිබේ.පාසලට හැතැම්ම පහළොවකට මෙහා සිංහල හෝ ඉංග‍්‍රීසි  වෛද්‍යවරයෙක් නැත.ගමේ අය එකතු වී දරුවාගේ මෘත ශරීරයද භූමදානය කරන ලදී.  
අදින් වසර  75 කට පෙර වූ මෙවැනි සිද්ධියක් යළි ලංකාගම සිදු නොවෙතැයි සහතිකයක් දිය හැක්කේ කාටද? ඒ තවමත් ලංකාගමට යන්නට හරිහමන් පාරක් නැති බැවිනි.කෙසේ නමුත් සිංහරාජය මැදින් ලංකාගමට අලූත් මාර්ගයක් ඉදිකරන බවට පරිසරය සුරැකීමේ සංවිධාන විසින් කරනු ලබන චෝදනා පදනම් වී විරහිතය.අඩුම තරමින් ත‍්‍රීරෝද රථයකින් රෝගියෙකු හෝ ගෙන යාමට සුදුසු ලෙස පවතින මාර්ගය සකස් කර දීමේ වරද කුමක්ද? අතීත මුතුන් මිත්තන් මෙන් ම අද ජීවත්වන ගම්වාසීන්ද සිංහරාජ වනයට දක්වන්න අපිරිමිත ආදරයකි. අප සිංහරාජයට අත් තැබුවේ නැත.අත තබන්නෙත් නැත. මතුවටත් එසේමය.සිංහරාජය තමන්ගේ ඇට මස් නහර සේ සිරුරේම කොටසක් ලෙස මෙම ගමේ මිනිසුන් විශ්වාස කරති.
ඔවුන් පාරක් ඉල්ලන්නේ සිංහරාජ විනාශ කිරීමට නොව එය ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයක් වන බැවිනි.ලංකාගමට පාරක් කපන්නට විරුද්ධ වන පරිසරවේදීන් යනුවෙන් කියා ගන්නා අයගෙන් ගම්මුන්ට අසන්නට ප‍්‍රශ්නයක් ඇත්තේය.ඔබේ නිවසට යන්නට පාරක් නැති නම් ඔබ කරන්නේ කුමක්ද? ඔබේ දරුවා අසනීප වූ විට ඔහු රෝහලට රැගෙන යන්නට ප‍්‍රවාහන පහසුකම් නැත්තං ඔබ කරන්නේ කුමක්ද? සිංහරාජය මැදින් ලංකාගමට පාරක් කපන්නට යන බව කියන ලොකු මහත්තුරු ලංකා ගමේ හතර මායිම් ඇත්තේ කොහේ දැයි දන්නේ ද යන බව ගැටළුවකි.


Comments

Post a Comment

Popular posts from this blog