දුරස් අය ළං කළ මොකක්ද මේ zoom

 

       ගෙවුණු මාස කිහිපයේ ලෝකයේම රටවල්වලට මෙන්ම ශ‍්‍රී ලංකාවටත්  Lockdown කියන නම හුරුපුරුදු දෙයක් විය.මේ කාලයත් සමඟ ලෝකය සමාජ මාධ්‍ය භාවිතය වෙනදාට වඩා ඉහළ මට්ටමකට පත්විය.එයට හේතුව වුණේ හමුවීමේ තහනම මුල් වූ සමාජ දුරස්ථභාවයයි.මේ කරුණත් එක්ක බොහෝ දෙනකුට ඈත් වීමට සිදුවූහ.නමුත් වීඩියෝ ,දුරකථන ඇමතුම් මාධ්‍ය ඔස්සේ ඔවුන් විටින් විට ළං වෙන්නට තැත් කළහ.Whatsapp,Viber වැනි මෘදුකාංගවලින් මේ සන්නිවේදනය වෙත සීමා පැනවිය.විවිධ රටවල්වල මෙම මෘදුකාංග තහනම් විය.Zoom නමැති නව මෘදුකාංගයට බොහෝ දෙනෙක්ම ළං වූයේ මේ දුරස්ථ බව මැඬලීමටයි.මෙම තාක්ෂණය හරහා එක්වර විශාල ප‍්‍රමාණයකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබිණි.

සන්නිවේදන මාධ්‍යයක් ලෙසින් සැලකෙන මෙම මෘදුකාංගයෙන් Whatsapp වැනි මෘදුකාංගවල පවතින වීඩියෝ දුරකථන සීමාව ඉක්මවා යයි.හතරකට හෝ පස්දෙනෙකුට පමණක් එකම අවස්ථාවක වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ හැකියාව ඇති Face book Messenger හෝ වට්ස්ඇප් වැනි මෘදුකාංග පසෙකලා අද වන විට Zoom ජනප‍්‍රියත්වයකට පත්ව ඇත.ඇමරිකාවේ නිෂ්පාදනය වූ මෘදුකාංගය ලෝකයේ රටවල් රැසක පාරිභෝගිකයන් හට නොමිලේ භාවිතා කරගැනීමේ අවස්ථාව උදාවිය.එරික් යුවාන් නම් බිලියනපතියෙකුගේ සමාගමකින් නිර්මාණය වුණු මෙම මෘදුකාංග සමාගම කැලිෆෝනියාවේ පිහිටා තිබේ.මේ වන විට එම සමාගම ඇලෙක්සා වෙබ් පිටු  ශ්‍රේණිගත කිරීමේ විසිඑක් වන ස්ථානයට පැමිණ තිබේ.

මෙම Zoom මෘදුකාංගය ගෙවුණු මාසය තුල රට රටවල බොහෝ ප‍්‍රබලයන්ද භාවිතා කරනු දක්නට ලැබිණි.රාජතාන්ත‍්‍රික සම්බන්ධතා සහ කාර්යාල මට්ටමේ රැස්වීම් සඳහා ද මෙම මෘදුකාංගය භාවිතා කරන්නට පටන් ගත්තේය.විවිධ රටවල මාසික හා වාර්ෂික සැසි සඳහා ද බොහෝවිට මෙම තාක්ෂණය භාවිතා  භාවිතා කිරීම සුලභ විය.මෙම තාක්ෂණය පාසල් ශිෂ්‍යයන් සහ විශ්ව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර ද ජනප‍්‍රිය සන්නිවේදන මෙවලමක් බවට පත්විය.අන්තර්ජාලය ඔස්සේ පාසල්වල අධ්‍යාපනය සිදුකරන්නට පාසල් ගුරුවරුන් උනන්දු වූයේ Zoom හරහා ය.අතිරේක පන්ති ගුරුවරු ද ක‍්‍රම ක‍්‍රමයෙන් මෙම මෘදුකාංගය වැළඳගන්නට සමත් වුණේ ඒ හරහා ය.ඉන් අනතුරුව මාධ්‍ය නාලිකාවල සම්මුඛ සාකච්ඡ නතර විය.ඒ මේ සඳහා සහභාගි වන්නන්ට මාධ්‍ය ආයතන වෙත පැමිණීමේ ක‍්‍රමවේද අවහිර වන බැවිනි.මේ හේතුවෙන් අතරමග නැවතුනු සම්මුඛ සාකච්ඡ පිළිවෙළට ගෙනයන්නට Zoom තාක්ෂණය යොදාගැනීමට නිවේදකයින් සමත්විය.මේ ක‍්‍රියාදාමය තුළ විදෙස් රටවල සිටින අමුත්තන්ට පවා සම්මුඛ සාකච්ඡ සඳහා ගන්නට ඔවුන් සමත් විය.

ප‍්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වූ අශෝක හඳගම මහතාගේ මෑතකදී කෙටි චිත‍්‍රපටයක් ලෙසින් You Tubeහි විකාශය වූ Beer without Alcohol නම් චිත‍්‍රපටය සඳහා පාදක කර ගත්තේද Zoom මෘදුකාංගයයි.දුරකථන සිනමා අදහස සහිතව මෑත චිත‍්‍රපට ක්ෂේත‍්‍රය වෙනත් මානයකට රැගෙන ගිය මෙම චිත‍්‍රපටය කතාව තුළ සමහර චරිත  ඕස්ටේ‍්‍රලියාවේ සිට සම්බන්ධ වූ අතර මුළු චිත‍්‍රපටයම Zoom තාක්ෂණය ඔස්සේ නිර්මාණය විය.අශෝක හඳගම මහතා ඒ පිළිබඳ මෙවන් දෙයක් ප‍්‍රකාශ කර තිබිණි.

 "චිත‍්‍රපට කර්මාන්තයට තර්ජනයක් වුණු වෙලාවක තබපු තීරණාත්මක අඩිය හිතුවාටත් වඩා සාර්ථක වුණා”

    

     ඒ අනුව අශෝක හඳගම මහතා ඔප්පු කර තිබෙන්නේ මේ තාක්ෂණය ජංගම දුරකථන චිත‍්‍රපට කලාවටත් අලූත් ආරම්භයක් වන බවයි.නගර අගුළු දැමීම හේතුවෙන් පවුල් සංස්ථාවේ ඇතුළාන්තය, ආදරය වැනි මාතෘකා පාදක කරගනිමින් මෙම චිත‍්‍රපටය නිර්මාණය වී තිබේ.එමෙන්ම නිවසේ සිට වැඩකරන කාර්යාල සේවකයන් පවා මේ තාක්ෂණය ඔස්සේ රැකියාවේ නියැළෙති.මෙම තාක්ෂණය හරහා යමින් රොෂාන් ප‍්‍රනාන්දු ගීතයක් පවා නිර්මාණය කර තිබිණි.ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම නිවසේ සිට සම්බන්ධ කරගනිමින් අපූරු වීඩියෝ එකක් නිර්මාණය කළේය.මෙය Zoom තාක්ෂණයේ තවත් අපූරු පෙරළියක් බවට පත්විය.මෙම තාක්ෂණය අද වනවිට ලොව පුරා ජනප‍්‍රියත්වයට පත්ව ඇති මෘදුකාංගයකි.කොරෝනා වෛරසය නිසා ජනප‍්‍රියට පත් වුණු එකම මෘදුකාංගය ලෙසද විදෙස් විචාරකයන් Zoom තාක්ෂණය හඳුන්වයි.මේ තාක්ෂණය ඉදිරි පියවරයත් සමග Skype ,Messenger , Viber වැනි සන්නිවේදන මෘදුකාංග දැඩි තර්ජනයකට ලක්වනු නිසැක බව විචාරකයින්ගේ අදහසයි.



Comments

  1. ඇත්තටම හිතාගන්නට බැරි තරමටම.ලන් උනා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog