භාෂාවේ ප‍්‍රභවය භාෂාව බිහිවීම පිළිබඳ පසුබිම ගොඩනැගුනේ කෙසේද යන ප‍්‍රශ්නය මානව ඉතිහාසය තුළ සැලකිය යුතු මතිමතාන්තර රැසක් බිහිවීමට තුඩුදුන් එකකි.කෙසේවුව ද ලිඛිත භාෂාව මෙන් නොව කථික භාෂාව කිසිදු ශේෂයක් නොතබයි.මේ හේතුව නිසා භාෂාවේ ප‍්‍රභවය සොයාගැනීම පිණිස උත්සාහයන්හි නිරත වාග් විද්‍යාඥයින්ට ඒ සඳහා විවිධ ක‍්‍රම උපයෝගී කර ගැනීමට සිදුව ඇත.මුල්වරට මානවයා විසින් භාෂාවක් භාවිත කළ බව මානව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ හෝමෝ හැබිලිස් මානවයාය.ඔවුන් මීට වසර මිලියන 2.8 ත් 1.5 අතර කාලයේ මිහිමත වාසය කළහ.මොවුන්ගේ පොසිල විශ්ලේෂණය කළ මානව විද්‍යාඥයින්ට හැබිලිස් මානවයන්ට තරමක දියුණු මොළයක් පැවති බවත් හිස් කබලේ වූ හනු පිහිටා තිබෙන ආකාරය ආදිය සලකා බැලීමේ දී මොවුන් මුලින්ම භාෂාමය කතා කාර්යයට මුලපිරූ මානවයන් ලෙස පැහැදිලි වන බව විද්‍යාඥයන් අවධාරනය කරති. භාෂාවේ සුලමුල පිළිබඳව ඉඳුරාම කිව නොහැකි නමුත් භාෂාවේ ප‍්‍රභවය පිළිබඳ විවිධ මත ඉදිරිපත් විය.එනම්, ං නිර්මාණවාදී මතය ං පරිණාමවාදී මතය ං අංග වික්ෂේප මතය ං මුඛ වික්ෂේප මතය ක‍්‍රිස්තියානි ලබ්ධිකයින් විසින් ලොව ප‍්‍රථම භාෂාව ලෙස පිළිගන්නේ දෙවියන් දේශනා ස...
Posts
- Get link
- X
- Other Apps
ඇය නොමැති ලොවක් සමාජයේ විවිධ භූමිකා නිරූපණය කරන ඇය නොමැතිව මෙලොව කෙසේ පවතීද යන්න සිතා බැලිය වත් නොහැකිය.රැකගත යුතු සියල්ල නොරැකෙන මෙවන් කාල වකවානුවක යුක්තීන් හා අයිතිවාසිකම් පිළිබදව කථා කරන්නන් අවපාතයටද, කථා නොකරන්නන් අවලාදයටද ලක්වන ආකාරය හදුනාගත හැකිය.එවන් පසුබිමක ජාතික වශයෙන් කාන්තා අයිතිවාසිකම් ඉටු නොවන විට, ජාත්‍යන්තර වශයෙන් විසදුම් සෙවීමේ මාර්ගයක් ලෙස එක්සත් ජාතීන්ගේ කාන්තා අයිතිවාසිකම් සෙවීමේ කොමිසම විසින් වසර 30 ක පමණ කාලයක් තුලදී ගෙනයන ලද වැඩ පිළිවෙලක් හේතුවෙන් ජාත්‍යන්තරය පිළිගත් සීඩෝ ප‍්‍රඥප්තිය හදුන්වාදෙන ලදී. යුනෙස්කෝ සංවිධානය විසින් වර්ෂ 1979- 12-18 වන දින කාන්තාවන්ට එරෙහිව සියලූ ආකාරයේ වෙනස්කම් අහෝසි කිරීමේ පනතක් ලෙස මෙය හදුන්වාදුන් අතර මෙම පනත ක‍්‍රියාවට නංවන ලද්දේ වර්ෂ 1980- 09- 03 වන දින සිටය. ශ‍්‍රී ලංකාව තුල මෙම පනත ක‍්‍රියාත්මක වූයේ වර්ෂ 1981 ඔක්තෝම්බර් මස 05 වන දිනය.යුනෙස්කෝ කාන්තාවන්ගේ තත්ත්යවය පිළිබදව කොමිසම පිහිටුවන ලද්දේ වර්ෂ 1946 වර්ෂයේදීය. මෙම කොමිසම මගින් කාන්තාවන්ගේ තත්ත්වය පරීක්ෂා කිරීම හා ඇගයීම කාන...
- Get link
- X
- Other Apps
ඔක්සිජන් නැති වුනොත්??????? බැරි වෙලාවත් ඔක්සිජන් වායුව නැති වුණොත් අපට සහ අප ජීවත් වෙන පරිසරයට මොන වගේ බලපෑමක් වෙයිද ? අපි ප්‍රායෝගික අත්දැකීමක් ගමු . හිතන්න ඔයාලා පාරෙ ඇවිදගෙන යනවා කියලා . එතකොට පාරේ ගිනි ගොඩක් ගහලා තියෙනවා . ඒ විෂ දුම හුළඟ ත් එක්ක ඔයාලගෙ දිහාවට එනකොට ඔයාලා මොකද කරන්නෙ ? ලොකු හුස්මක් අරගෙන හුස්ම ගන්නෙ නැතුව ඒ ගත්ත හුස්ම තද කරගෙන නේද යන්නෙ ? ඒ සමහර විට තත්පර කිහිපයකට වෙන්න පුලුවන් . ඒත් ඒ සුළු වෙලාවෙදිත් මොන තරම් අපහසුවෙන්ද හුස්ම තද කරන් ඉන්නෙ ? අපිට ඔක්සිජන් වායුව නැතුව හුස්ම ගන්න බෑ . ඉතින් ඔක්සිජන් වායුව නැතුව සදාකාලිකවම ඒ විදිහට හුස්ම හිර කරගෙන ඉන්න පුලුවන්ද ? ඔක්සිජන් වායුව ලෝකයේ ජීවත් වන හැම සත්වයෙකුටම සහ හැම ශාඛයකටම අත්‍යාවශ්‍යයි . ඔක්සිජන් වායුව නැති වුණා කියන්නෙ සමස්ථ සත්ව සහ ශාඛ ලෝකයේ අවසානයයි . මේ කාරණාව අපි හැමෝම පෙර පාසල් අවධියේ ඉදන්ම දන්න දෙයක් . අපි ඉන් එහාට ගිහිල්ලා ඔක්සිජන් වායුව පෘතුවියෙන් තුරන් වුණොත් වෙන තවත් සිද්ධීන් කිහිපයක් ගැන අවධානය යොමු කරමු . සදහටම තුරන් වුණොත් කියලා හිතන්න අවශ්‍ය නෑ ....
- Get link
- X
- Other Apps
සංස්කෘතිය හා කාන්තාව බොහෝ සාම්ප්‍රධායික සංස්කෘතීන් තුල කාන්තාවට හිමිවන්නේ ඉතා අවාසනාවන්ත තත්වයකි.බොහෝ සංස්කෘතීන් මගින් ස්ත්‍රීන්ගේ මානව අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය වන ආකාරය දක්නට ලැබේ.ඇතැම් සංස්කෘතීන්වල ගැහැණු දරුවකුගේ උපත අවාසනාවන්ත සිදුවීමක් ලෙස සලකා ළදරු අවධියේදීම මරා දමයි.උදාහරණ ලෙස යනොමාමෝ වැනි ප්‍රාථමික සමාජවල මෙන්ම ඉන්දියාව,අරාබි රටවල් දැක්විය හැක.විශේෂයෙන් හින්දු හා ඉස්ලාම් ආගම් අදහන සංස්කෘතීන්වල කාන්තාවන්ගේ සමාජ තත්වය ඉතා ඛෙදජනකය.ඔවුන්ට ආගමික, සමාජීය නිදහස අහිමිවී ඇත.ස්වාධීන තීරණ ගැනීමට අවසර නැත. ලිංග ඡේදනයˌකන්‍යාභාවයˌසතිපූජාවˌළමා විවාහˌදෑවැද්ද ගැහැණු දරුවන් ළදරුවියේදී මරා දැමීම වැනි සංස්කෘතිකාංග මගින් දැඩි පීඩනයකට කාන්තාවන් පත්වෙයි.ලිංග ඡේදනයේදී කාන්තාවන්ගේ ලිංගික අවයවයන්හි සංවේදී කොටස් එනම් යෝනි තොල් හා භගමනිය කපාදැමීම සිදුවේ.එයින් කාන්තාවන්ට දැඩි කායික හා මානසික පීඩාවන් ඇතිවේ.මෙම සංස්කෘතිකාංගය ඇතැම් රටවල නීතිය මගින් තහනම් කර ඇත.කෙසේ වෙතත් සාම්ප්‍රධායික සමාජවල මෙය තවමත් ක්‍රියාත්මක වේ.කන්‍යාභාවය නම් සංස්කෘතිකාංගය මගින් විවාහයට පෙර ලිංගික සබදතා පැවැත්වීම කාන්ත...
- Get link
- X
- Other Apps
සිංහරාජය මැදින් මතුවන කඳුලේ හෘද සාක්ෂිය ගාල්ල දිස්ත‍්‍රික්කයේ නෙළුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගිංගඟ මිටියාවතේ පිහිටා ඇති ලංකාගමට උතුරින් සිංහරාජ වනාන්තරයත්, දකුණින් දෙල්ලව මුකලානත් මායිම් කරගෙන ඇත.ලංකාගම අයත් වන්නේ හිනිදුම මැතිවරණ ආසනයටය.ඡන්දය ගණින්නට ගාලූ දිස්ත‍්‍රික්කයේ සියලූම ඡන්ද පෙට්ටි ගෙනෙන්නේ ගාලූ නගරයටය.එසේ ගෙන්වන ඡන්ද පෙට්ටි අතරින් හැමදාමත් අන්තිමට එන්නේ ලංකාගම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද පෙට්ටියයි.ගාල්ලට ගෙනාවේ හෙලිකොප්ටරයකිනි.එකල ඡන්ද පෙට්ටි රැගෙන ලංකාගම ඡන්ද කරන්නට යාම බොහෝ දුෂ්කර විය. මහ වරුසා මැද කූඩැල්ලන් කඩ කඩා ඡන්ද පෙට්ටි රැගෙන යාමට රජයේ නිලධාරීහු මහා වෙහෙසක් ගත්තෝය.මුතුන්මිත්තන්ගේ මුඛ පරම්පරාගතව එන ආකාරයට ක‍්‍රි.පූ 103 රජ පැමිණි වලගම්බා රජු දෙමළ ආක‍්‍රමණයත් සමග දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂාව පිණිස එයද රැගෙන පළා ගොස් පසුව සේනා සංවිධානය කරමින් දන්ත ධාතූන් වහන්සේ ද වැඩමවා ගෙන බටුවංගල, තඹලගම,ලංකාගම හරහා කලවෙනිගමට ගොස් කොළවෙණිගම පන්සලේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ආරක්ෂාව සපයා ඇත.මෙම කාලය තුළ ලංකාගම මිනිසුන් වාසය කළ බව පෙනේ.මේ පිළිබඳ ලිඛිත සාක්ෂි දරන්නේ පනාකඩුව තඹ සන්නස හා පෘතු...
- Get link
- X
- Other Apps
දුරස් අය ළං කළ මොකක්ද මේ zoom ගෙවුණු මාස කිහිපයේ ලෝකයේම රටවල්වලට මෙන්ම ශ‍්‍රී ලංකාවටත් Lockdown කියන නම හුරුපුරුදු දෙයක් විය.මේ කාලයත් සමඟ ලෝකය සමාජ මාධ්‍ය භාවිතය වෙනදාට වඩා ඉහළ මට්ටමකට පත්විය.එයට හේතුව වුණේ හමුවීමේ තහනම මුල් වූ සමාජ දුරස්ථභාවයයි.මේ කරුණත් එක්ක බොහෝ දෙනකුට ඈත් වීමට සිදුවූහ.නමුත් වීඩියෝ ,දුරකථන ඇමතුම් මාධ්‍ය ඔස්සේ ඔවුන් විටින් විට ළං වෙන්නට තැත් කළහ.Whatsapp,Viber වැනි මෘදුකාංගවලින් මේ සන්නිවේදනය වෙත සීමා පැනවිය.විවිධ රටවල්වල මෙම මෘදුකාංග තහනම් විය.Zoom නමැති නව මෘදුකාංගයට බොහෝ දෙනෙක්ම ළං වූයේ මේ දුරස්ථ බව මැඬලීමටයි.මෙම තාක්ෂණය හරහා එක්වර විශාල ප‍්‍රමාණයකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබිණි. සන්නිවේදන මාධ්‍යයක් ලෙසින් සැලකෙන මෙම මෘදුකාංගයෙන් Whatsapp වැනි මෘදුකාංගවල පවතින වීඩියෝ දුරකථන සීමාව ඉක්මවා යයි.හතරකට හෝ පස්දෙනෙකුට පමණක් එකම අවස්ථාවක වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ හැකියාව ඇති Face book Messenger හෝ වට්ස්ඇප් වැනි මෘදුකාංග පසෙකලා අද වන විට Zoom ජනප‍්‍රියත්වයකට පත්ව ඇත.ඇමරිකාවේ නිෂ්පාදනය වූ මෘදුකාංගය ලෝකයේ රටවල් රැසක පාරිභෝගිකයන් හට න...
- Get link
- X
- Other Apps
විරහව හා සියදිවිනසා ගැනීම් ආදරය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඊට ලැබෙන පිළිතුරු එකිනෙකාට වෙනස්ය.තවත් කෙනෙක්ට ආදරය ආත්මාර්ථකාමී හැඟීමක් වෙද්දී තවත් කෙනෙක්ට ඒ ආදරයම පරිත්‍යාගයක් වෙන්න පුළුවන්.විවිධාකාර වූ ආදරයන් අතර ලෝකය ලස්සන කරන සුන්දර ආදරයක් තමයි තාරුණ්‍යය ආදරය.තාරුණ්‍යය කියන්නේ සැබැවින්ම බොහොම දඟකාරි සුන්දර කාලයක්.මේ ආදරයම ඔවුන් වටා පාරාවළල්ලක් වෙමින් තරුණ ජීවිත සියදිවි හානිකර ගැනීමට පෙළඹීම ඛේදවාචකයකි. සමාජ සංස්කෘතියට සාපේක්ෂව ආදරය හැඩගැසීම සිදුවේ.ආසියාතික සමාජයට සාපේක්ෂ ව බටහිර සමාජය තුළ ආදරය වෙනස් හැඟීමකි.බටහිර සමාජයේ පෙම්වතුන්ට ආදරය සැහැල්ලු හැගීමක් වෙද්දී ආසියානු සමාජයේ පෙම්වතුන්ට ආදරය තමන්ගේ මුලු ජීවිතේම බවට පත්ව ඇත.අප සමාජයේ ආදරයේ පාරිශුද්ධතාවය පිළිබද දීර්ඝ ප්‍රේම කතා ලියවෙයි.ඒවා ඇතුළත සිටින පෙම්වතුන්ට අහිංසක ආදරණීය හැගීම් ආරෝපණය කර ඇත.තරුණ තරුණියන් අතරේ මේ ආදරය හුදෙක්ම හිමිකරගැනීමක්ය යන ප්‍රතිරූපය එතනින් නිර්මාණය කර ඇත.මෙය ආසියාතික සමාජයේ පෙම්වතුන්ගේ මූලිකම ලක්ෂණයකි.එමෙන්ම ලංකාවේ සමාජ සංස්කෘතිය තුළ තරුණිය තරුණයාගෙන් කැමැත්ත ඇසිමට මුලින්ම පෙළඹෙන්නේ නැත.ආදරයේදී ස්ත්‍රීය පෙර...