Posts

Showing posts from March, 2021
Image
ඇය නොමැති ලොවක්          සමාජයේ  විවිධ  භූමිකා නිරූපණය කරන ඇය නොමැතිව මෙලොව කෙසේ පවතීද යන්න සිතා බැලිය වත් නොහැකිය.රැකගත යුතු සියල්ල නොරැකෙන මෙවන් කාල වකවානුවක යුක්තීන් හා අයිතිවාසිකම් පිළිබදව කථා කරන්නන් අවපාතයටද, කථා නොකරන්නන් අවලාදයටද ලක්වන ආකාරය හදුනාගත හැකිය.එවන් පසුබිමක ජාතික වශයෙන් කාන්තා අයිතිවාසිකම් ඉටු නොවන විට, ජාත්‍යන්තර වශයෙන් විසදුම් සෙවීමේ මාර්ගයක් ලෙස එක්සත් ජාතීන්ගේ කාන්තා අයිතිවාසිකම් සෙවීමේ කොමිසම විසින් වසර 30 ක පමණ කාලයක් තුලදී ගෙනයන ලද වැඩ පිළිවෙලක් හේතුවෙන්  ජාත්‍යන්තරය පිළිගත් සීඩෝ ප‍්‍රඥප්තිය හදුන්වාදෙන ලදී. යුනෙස්කෝ සංවිධානය විසින් වර්ෂ 1979- 12-18 වන දින කාන්තාවන්ට එරෙහිව සියලූ‍ ආකාරයේ වෙනස්කම් අහෝසි කිරීමේ පනතක් ලෙස මෙය හදුන්වාදුන් අතර මෙම  පනත ක‍්‍රියාවට නංවන ලද්දේ වර්ෂ 1980- 09- 03 වන දින සිටය. ශ‍්‍රී ලංකාව තුල මෙම පනත ක‍්‍රියාත්මක වූයේ වර්ෂ 1981 ඔක්තෝම්බර් මස 05 වන දිනය.යුනෙස්කෝ කාන්තාවන්ගේ තත්ත්යවය පිළිබදව කොමිසම පිහිටුවන ලද්දේ වර්ෂ 1946 වර්ෂයේදීය. මෙම කොමිසම මගින් කාන්තාවන්ගේ තත්ත්වය පරීක්ෂා කිරීම හා ඇගයීම කාන...
Image
ඔක්සිජන් නැති වුනොත්??????? බැරි වෙලාවත්   ඔක්සිජන් වායුව නැති වුණොත් අපට සහ අප ජීවත් වෙන පරිසරයට මොන වගේ බලපෑමක් වෙයිද ?    අපි ප්‍රායෝගික අත්දැකීමක් ගමු . හිතන්න ඔයාලා පාරෙ ඇවිදගෙන යනවා කියලා . එතකොට පාරේ ගිනි ගොඩක් ගහලා තියෙනවා . ඒ විෂ දුම හුළඟ ත් එක්ක ඔයාලගෙ දිහාවට එනකොට ඔයාලා මොකද කරන්නෙ ? ලොකු හුස්මක් අරගෙන හුස්ම ගන්නෙ නැතුව ඒ ගත්ත හුස්ම තද කරගෙන නේද යන්නෙ ? ඒ සමහර විට තත්පර කිහිපයකට වෙන්න පුලුවන් . ඒත් ඒ සුළු වෙලාවෙදිත්   මොන තරම් අපහසුවෙන්ද හුස්ම තද කරන් ඉන්නෙ ?     අපිට ඔක්සිජන් වායුව නැතුව හුස්ම ගන්න බෑ . ඉතින් ඔක්සිජන් වායුව නැතුව සදාකාලිකවම ඒ විදිහට හුස්ම හිර කරගෙන ඉන්න පුලුවන්ද ? ඔක්සිජන් වායුව ලෝකයේ ජීවත් වන හැම සත්වයෙකුටම සහ හැම ශාඛයකටම අත්‍යාවශ්‍යයි . ඔක්සිජන් වායුව නැති වුණා කියන්නෙ සමස්ථ සත්ව සහ ශාඛ ලෝකයේ අවසානයයි . මේ කාරණාව අපි හැමෝම පෙර පාසල් අවධියේ ඉදන්ම දන්න දෙයක් .   අපි ඉන් එහාට ගිහිල්ලා ඔක්සිජන් වායුව පෘතුවියෙන් තුරන් වුණොත් වෙන තවත් සිද්ධීන් කිහිපයක් ගැන අවධානය යොමු කරමු . සදහටම තුරන් වුණොත් කියලා හිතන්න අවශ්‍ය නෑ ....