සංස්කෘතිය හා කාන්තාව බොහෝ සාම්ප්‍රධායික සංස්කෘතීන් තුල කාන්තාවට හිමිවන්නේ ඉතා අවාසනාවන්ත තත්වයකි.බොහෝ සංස්කෘතීන් මගින් ස්ත්‍රීන්ගේ මානව අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය වන ආකාරය දක්නට ලැබේ.ඇතැම් සංස්කෘතීන්වල ගැහැණු දරුවකුගේ උපත අවාසනාවන්ත සිදුවීමක් ලෙස සලකා ළදරු අවධියේදීම මරා දමයි.උදාහරණ ලෙස යනොමාමෝ වැනි ප්‍රාථමික සමාජවල මෙන්ම ඉන්දියාව,අරාබි රටවල් දැක්විය හැක.විශේෂයෙන් හින්දු හා ඉස්ලාම් ආගම් අදහන සංස්කෘතීන්වල කාන්තාවන්ගේ සමාජ තත්වය ඉතා ඛෙදජනකය.ඔවුන්ට ආගමික, සමාජීය නිදහස අහිමිවී ඇත.ස්වාධීන තීරණ ගැනීමට අවසර නැත. ලිංග ඡේදනයˌකන්‍යාභාවයˌසතිපූජාවˌළමා විවාහˌදෑවැද්ද ගැහැණු දරුවන් ළදරුවියේදී මරා දැමීම වැනි සංස්කෘතිකාංග මගින් දැඩි පීඩනයකට කාන්තාවන් පත්වෙයි.ලිංග ඡේදනයේදී කාන්තාවන්ගේ ලිංගික අවයවයන්හි සංවේදී කොටස් එනම් යෝනි තොල් හා භගමනිය කපාදැමීම සිදුවේ.එයින් කාන්තාවන්ට දැඩි කායික හා මානසික පීඩාවන් ඇතිවේ.මෙම සංස්කෘතිකාංගය ඇතැම් රටවල නීතිය මගින් තහනම් කර ඇත.කෙසේ වෙතත් සාම්ප්‍රධායික සමාජවල මෙය තවමත් ක්‍රියාත්මක වේ.කන්‍යාභාවය නම් සංස්කෘතිකාංගය මගින් විවාහයට පෙර ලිංගික සබදතා පැවැත්වීම කාන්ත...