දුරස් අය ළං කළ මොකක්ද මේ zoom ගෙවුණු මාස කිහිපයේ ලෝකයේම රටවල්වලට මෙන්ම ශ‍්‍රී ලංකාවටත් Lockdown කියන නම හුරුපුරුදු දෙයක් විය.මේ කාලයත් සමඟ ලෝකය සමාජ මාධ්‍ය භාවිතය වෙනදාට වඩා ඉහළ මට්ටමකට පත්විය.එයට හේතුව වුණේ හමුවීමේ තහනම මුල් වූ සමාජ දුරස්ථභාවයයි.මේ කරුණත් එක්ක බොහෝ දෙනකුට ඈත් වීමට සිදුවූහ.නමුත් වීඩියෝ ,දුරකථන ඇමතුම් මාධ්‍ය ඔස්සේ ඔවුන් විටින් විට ළං වෙන්නට තැත් කළහ.Whatsapp,Viber වැනි මෘදුකාංගවලින් මේ සන්නිවේදනය වෙත සීමා පැනවිය.විවිධ රටවල්වල මෙම මෘදුකාංග තහනම් විය.Zoom නමැති නව මෘදුකාංගයට බොහෝ දෙනෙක්ම ළං වූයේ මේ දුරස්ථ බව මැඬලීමටයි.මෙම තාක්ෂණය හරහා එක්වර විශාල ප‍්‍රමාණයකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබිණි. සන්නිවේදන මාධ්‍යයක් ලෙසින් සැලකෙන මෙම මෘදුකාංගයෙන් Whatsapp වැනි මෘදුකාංගවල පවතින වීඩියෝ දුරකථන සීමාව ඉක්මවා යයි.හතරකට හෝ පස්දෙනෙකුට පමණක් එකම අවස්ථාවක වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ හැකියාව ඇති Face book Messenger හෝ වට්ස්ඇප් වැනි මෘදුකාංග පසෙකලා අද වන විට Zoom ජනප‍්‍රියත්වයකට පත්ව ඇත.ඇමරිකාවේ නිෂ්පාදනය වූ මෘදුකාංගය ලෝකයේ රටවල් රැසක පාරිභෝගිකයන් හට න...